Wednesday, June 28, 2023

දුටුගැමුණු රජතුමා නිතර භාවිත කෙළේය යි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ජයමංගල ගාථා

 දුටුගැමුණු රජතුමා නිතර භාවිත කෙළේය යි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ජයමංගල ගාථාවක්

ජයෝ මුනින්දස්ස සුබොධිමූලෙ 

අහොසි මාරස්ස පරාජයො හි 

උගෙඝාසයුං දෙවගණා පසන්නා 

එතෙන සචෙචන ජයස්සු මය්හං


 දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයෙක ලියා ඔටුත්තෙහි තබා ගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථා තුන

බුද්ධො තිලොක සරණො, බුද්ධො සුරියෝ තමෝනුදො 

එවං තං සරණං ඛෙමං, බුද්ධො මේ සරණං වරං

ගච්ඡාමි සරණං බුද්ධං, නත්ථි මය්හං භයං සදා 

බුදුරජානන් වහන්සේ තුලොවට සරණය, තුන්ලොවාසීන්ගේ මෝහ නමැති අන්ධකාරය විද්වංසනය කිරීමට සුර්යය දිව්‍ය රාජයා වැනි ය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවත්නේය. උතුම් ප්‍රතිෂ්ඨාධාර පිණිස පවත්නා ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙකත් භයක් නැත්තේය.


ධම්මො තිලොක සරණො, ධම්මො සුරියො තමෝනුදො 

එවං තං සරණං ඛෙමං, ධම්මො මේ සරණං වරං 

ගච්ඡාමි සරණං ධම්මං, නත්ථි මය්හං භයං සදා 

ධර්ම රත්නය තුලොවට සරණය, තුන්ලොවාසීන්ගේ මෝහ නමැති අන්ධකාරය විද්වංසනය කිරීමට සුර්යය දිව්‍ය රාජයා වැනි ය. ඒ ධර්ම රත්නය මට නිර්භය පිණිස පවත්නේය. උතුම් ප්‍රතිෂ්ඨාධාර පිණිස පවත්නා ඒ ධර්ම රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙකත් භයක් නැත්තේය.


සංඝෝ තිලොක සරණො, සංඝෝ සුරියො තමොනුදො  

එවං තං සරණං ඛෙමං, සංඝෝ මෙ සරණං වරං 

ගච්ඡාමි සරණං සංඝං, නත්ථි මය්හං භයං සදා

සංඝ රත්නය තුලොවට සරණය, තුන්ලොවාසීන්ගේ මෝහ නමැති අන්ධකාරය විද්වංසනය කිරීමට සුර්යය දිව්‍ය රාජයා වැනි ය. ඒ සංඝ රත්නය මට නිර්භය පිණිස පවත්නේය. උතුම් ප්‍රතිෂ්ඨාධාර පිණිස පවත්නා ඒ සංඝ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙකත් භයක් නැත්තේය.



No comments:

Post a Comment

Featured Post

ඕම් මනි පද්මේ හූම් (මන්ත්‍රය)

   "ඕම් මනි පද්මේ හූම්" (Om Mani Padme Hum)  යනු තිබ්බත බුදුදහමේ එන වඩාත්ම ප්‍රචලිත සහ බලගතු මන්ත්‍රයයි. මෙය මහා කරුණාවට අධිපති  අ...

Popular Posts