අංජනමක් නිර්මාණය කරන ආකාරය

 අංජනමක් නිර්මාණය කිරීමේදී මුලින්ම අංජනමට අවශ්‍ය ද්‍රව්‍ය සොයාගත් යුතුයි එහිදී අංජනම් නිර්මාණය කරන තැනැත්තා දුසිරිතෙන් තොරව නැකත් වේලාවක් බලා අංජනම සෑදීම පටන් ගත යුතුයි.. නැකතක් නොබලන්නෙ නම් රහු කාලය මග හැර සුභ හෝරාවකින් වැඩ ආරම්භ කිරීම සුදුසුයි.. මුල් මල් ආදී බෙහෙත් ද්‍රව්‍ය ලබා ගැනීමේදී පිරිසිදු ස්ථාන වලින් පහත මන්ත්‍ර මතුරා ඒවා ලබා ගත යුතුයි..


මුල් මතුරන මන්ත්‍රය


“ඕං හ්‍රීං හ්‍රීං සර්ව සර්ව රහිතේ රහිතේ ක්ලිං ක්ලිං සර්වේ සර්වේ හිතෙ හිතෙ සර්වෞෂධ ප්‍රාණහිතං විතරෙ නමො නමස්වාහා.”

යම් ගසකින් හෝ වැලකින් හෝ අංජනමක් සෑදීම සඳහා මුලක් උදුරා ගන්නා විට මේ මන්ත්‍රයෙන් 7 වරක් මැතිරිය යුතුයි.


ද්‍රව්‍ය දපනා මන්ත්‍රය


“ඕං කාලි කාලි මහාකාලි රක්‍ෂෙදමංජනං නමෝ සිද්ධෙ ස්වාහා.”

අංජනම් පිණිස ගන්නා වෙනත් ද්‍රව්‍ය මේ මන්ත්‍රයෙන් මතුරාගත යුතුයි. 7 වරයි.


ගින්දර ගන්නා මන්ත්‍රය


ඕං ජ්වලිත ද්‍යුතිඃ දෙර්දංෂායස්වාහා *. මෙයින් අඳුන බස්වා ගැනීම සඳහා ගින්දර ගත යුතුයි. 7 වරයි.

ඇතැම් පිටපතක “ඕං ජ්වලිත ද්‍යුති දෙහාය ස්වාභා” යනුවෙන් දැක්වේ.

පාතාල අංජනම්, යක්ෂ අංජනම්, ප්‍රේත අංජනම් සදහා ගින්දර ගත යුතු වන්නේ සොහොනකිනි..


ගිනි රකිනා මන්ත්‍රය

“ඕං නමෝ භගවතෝ වාසුදේවය රථ රථ බන්ධ බන්ධ ශ්‍රීපතේ කුලපතේ වසුමතේ ස්වාහා.”

ගින්දර ඇවිළෙමින් අදුන් බස්සවා ගන්නා විට මින් මැතිරිය යුතුයි.. 7 වරයි..


නියමිත අංජනමට අවශ්‍ය ද්‍රවය ගැනීමට විශේෂ මන්ත්‍ර නැතිනම් මේ මන්ත්‍ර මතුරා ඒවා ගත් යුතුයි.. අනතුරුව අංජනමමේ සඳහන් ආකාරයට අංජනම් අඳුන් බස්සවා හෝ අබරා හෝ නිර්මාණය කර ගත් යුතුයි.. විශේෂ මන්ත්‍ර අංජනමට වෙත් නම් ඒවාද මතුරා ගත් යුතුයි..


අඳුන් බස්සවන ආකාරය

අංජනමට නියමිත බෙහෙත් වර්ග ගෙන කුඩුකර පළල් රෙදි පටියකට දමා දෙකට නමා ලී කෝටුවක් හෝ පොල් හෝ තල් ඉරටු කීපයක් ගෙන ඒවටා පන්දමක් ආකාරයට ඔතා අංජනමේ නියමිත තෙල් වර්ගයක පොගොවා ගිනි අවුලා ඉන් නැගෙන දුම පීරිසියක් හෝ භාජනයක්ට අල්ලා අඳුන් බස්සවාගත යුතුයි.. අවශ්‍යය නම් පීරිසියේ තෙල් ස්වල්පයක් ආලේප කල හැකිය.. නියමිත තෙල් වර්ගයක් නැතිනම් දුම්මල තෙල් හෝ එඬරු තෙල් භාවිතා කල යුතුයි..


ගලේ ඇඹරීම

අංජනමට නියමිත බෙහෙත් ගෙන කුඩුකර නියමිත මන්ත්‍ර මතුරමින් ගලක අඹරා ගත යුතුයි.. එසේ සාදාගත් අංජනම පියන වැසිය හැකි භාජනයක ලා මල් බුලත් තටුව පිට තබා ජීවම් කර ගත යුතුයි…

No comments:

Post a Comment

Featured Post

ඕම් මනි පද්මේ හූම් (මන්ත්‍රය)

   "ඕම් මනි පද්මේ හූම්" (Om Mani Padme Hum)  යනු තිබ්බත බුදුදහමේ එන වඩාත්ම ප්‍රචලිත සහ බලගතු මන්ත්‍රයයි. මෙය මහා කරුණාවට අධිපති  අ...

Popular Posts