අංජනමක් විදි ලෙස අඹරා හෝ අඳුන් බස්සවා ගත් පසු අංජනම බැලීමට නම් අංජනම ජීවම් කරගත යුතුය..
අංජනම ජීවම් කිරීමට මල් බුලත් පුටුවක් සකස් කර දිෂ්ටි ප්‍රාණ ආදී මන්ත්‍ර වලින් මතුරා අදාල ජීවම නියමිත පරිදි එක්වරක් යාම තුනක් හෝ සත්දිනක් ආදී ලෙස ජීවම් කර ගත යුතුය..
මල් බුලත් පුටුව
මල් බුලත් පුටු නිර්මාණය කරන ආකාර විවිධ ඇදුරන් විවිධ විදි වලට සිදු කරයි.. අංජනමට විශේෂ ආකාරයක් නැත්නම් මේ ආකාරයට මල්බුලත් පුටුව සාදාගත යුතුයි..
වේවැල් හෝ සින්තා වැල් වලින් වියන ලද අත් තබා ගැනීමට ඇදි දෙකක් නොමැති පුටුවක්ගෙන කහ වතුරින් සෝදා සුදු පිරුවටයක් එලා (ඇඹූල්) කෙසෙල් අගිස්සක් එහි තබා ඒ පිට බුලත් කොළ 21 ගෙන රවුමට තැබිය යුතුයි.. ඒ මැද පහනක් තැබිය යුතුයි. මල් පස් වර්ගයක් ගෙන බුලත් කොල උඩ වටයට තැන්පත් කොට.. කපුරු කැබලි 5ක්, කෙසෙල් ගෙඩි 5ක් (අගිස්සකැපූ) හා, උක්ගස් කෑල්ලක් තබා ,පිනිදිය ඉස කට්ටකුමංජල් දුම් අල්ලා ගත් කල ජීවමට සූදුසුය. තැඹිලි ගෙඩියක් කැවුම් ආදී කැවිලි වර්ගත් අඹ දොඩම් ආදී පලතුරුත් අවශ්‍ය නම් තබා ගත් හැක.. අංජනමට විශේෂිත පුද පූජා වෙතොත් ඒවාද තබා ගත යුතුයි..
ජීවම් කිරීම
අංජනම් ජීවම් කිරීම විවිධ ආකාරයෙන් සිදු කරයි. සමහර අංජනම් දිය පිට, ගල් පිට, සොහොන් වල, දේවාල වල ආදී ස්ථානයන්හි මැතිරීමට නියමිත කර ඇත.. සාමාන්‍යයෙන් නිවසේ පූජා කාමර සෝදා පිරිසිදු කොට කහ දියර ඉස සුවඳ දුම් අල්ලා අංජනම් ජීවම් කිරීමට සූදානම් කරගත හැක.. ඒ කාමරය කවුරුන් හෝ නිදන කාමරයක් නොවිය යුතුය.. එදින මස් මාංස පිසීම හා අධර්මිෂ්ඨ ක්‍රියා ඒ නිවස තුල සිදු නොකර යුතුය..
අංජනම් ජීවම් කරම සාමාන්‍ය ක්‍රමය
අංජනම් ජීවමට විශේෂ ක්‍රමයක් සදහන් කර නැත්නම් මේ ක්‍රමය අංජනම් ජීවමට සුදුසුය.. ඉහත කී පරිදි මල් බුලත් පුටුව නිර්මාණය කොට, පිනිදිය, සදුන්, හදුන්කූරු, සුවඳපැන් මල් බුලත් පුටුව තුල තබා.. පුවඟු, කුරුඳු පොතු, කරාබුනැටි, සුදු හදුන්, සාදික්කා, සමබරට ගෙන කට්ටකුමන්ජල් දෙගුණයක් ද එකකොට කුඩු කර දුම් අල්ලා..
" චල චලනේස්වාහඃ"කියා සිතින් සත්වරයක් තන්ත්‍ර කරමින් පහන් තිරයක් අඹරාගෙන..
” ඕං රක්ෂ රක්ෂ විජේස්වාහා “යන මන්ත්‍රය සිතෙන් සත්වරක් තන්ත්‍ර කොට පහන් තිරය අතට ගෙන
" ඕං ආතාල බන්ධ පාතාල බන්ධ මා බලා බන්ධ බන්ධ ඒස්වාහඃ "යන මන්ත්‍රය සිතෙන් සත්වරක් තන්ත්‍ර කොට පහන දල්වා අංජනම් ජීවම පටන් ගත යුතුය.. කිලි ඇතැයි සිතේ නම් පහන් පත්තු කිරීමට ප්‍රථම කිලි හරන මන්ත්‍රයකින් කිලි දොස් හර ගත යුතුය.. ඒ සදහා
" ඕං නමෝ නාගනන්ද නම් සෘෂීන් වහන්සේලා ඕං නමෝ කියන මන්ත්‍රයෙන් සත් විටක් මතුරා ගෙන අමල කිලි ගම් දෙටු දහසක් මැදින් ගොස් තිථි කිලි ගම් දෙටු දහසක් මැදින් ගොස් එරන් සල්ගස උඩ තිබුණු එරන්මිණි සඟළ ගත් අඥාවෙන් අනුභාවෙන් අදත් මාගේ යන්ත්‍ර මන්ත්‍ර අඳුන් හඳුන් එළවා කිලි නැතියඃ "මන්ත්‍රය 7,21,54 සුදුසු ගනණක් මතුරා දුම් අල්ලා.. කහදියට මතුරා කාමරයටත් ගෙටත් ඉස සිටින අයද මූණකට කහදියෙන් සෝදා ගැනීමෙන් කිලිපහ වෙයි..
ජීවම් වරම හා ශ්‍රී රාම දිෂ්ටිය
අංජනම ජීවම් කිරීමට ප්‍රථම ජීවම් වරමින් හා සුදුසු දිෂ්ටි මන්ත්‍රයකින් මතුරා ගත යුතුයි.
" ඕං ගුරුවරං ගුරු පත්‍රකාලීවරං – සුරවරං සුරපත්‍ර කාලී වරං – අසුර වරං අසුර පත්‍ර කාලී වරං – දේව වරං දේව පත්‍ර කාලී වරං – නාග වරං නාග පත්‍ර කාලී වරං – කයිලාසන වරං – කයිලාසන ගුරු ධාරණේ වරං – යන්ත්‍ර වරං යන්ත්‍ර මන්ත්‍ර වරං – මන්ත්‍ර තන්ත්‍ර වරං – ශ්‍රී විෂ්ණු වරං – ශ්‍රී විෂ්ණු නාරායණේ වරං – ආකාශ වරං – ආකාශ සූර්යයානේ වරං – චන්‍ද්‍ර වරං චන්‍ද්‍ර පද්ම කයිලාසනේ වරං – භූමජල මහීකාන්තා දේව ගුරු දැපණේ වරං – ඊශ්වර වරං ඊශ්වර මහේශ්වර වරං – ක්‍රතේශ්වර නාථෙශ්වර වරං – ශ්‍රී විෂ්ණු වරං ශ්‍රී විෂ්ණු කන්‍ද කුමාර වරං – සත්පත්තිනි වරං සත්පත්තිනි ගිනි දෙවොල් වරං – වෙසමුණි වරං වෙසමුණි දැඩිමුණ්ඩ වරං – නවග්‍රහ වරං නවග්‍රහ නමදෙනා වරං – හනුමා වරං හනුමා පත්‍රකාලී වරං සරස්වතී වරං – සරස්වතී මෝහනී වරං – බහිරවී වරං බහිරවී ශ්‍රියාදේවී වරං – ඔඩ්ඩියා ඉරලා වරං – යක්‍ෂයා වරං – යක්‍ෂණී වරං – හිමාල වරං – හිමාල ජල වරං – පර්‍වත වරං – පර්‍වත වෘක්ෂ වරං – සර්වාංඟ වරං – සර්වාංගප්‍රාණ වරං -ඉරුරැස් වරං – සඳරැස් වරං බුදුරැස් වරං – බුද්ධ – රශ්මීන් ආලෝක ජීව ප්‍රාණ සර්‍වලෝක දේවාරාධනා නමස්කාර වර වර නමාමි නමඃ "1 වරයි. මෙය කියා දුම්දී අඳුන් දිෂ්ටි කරන ශ්‍රී රාම දිෂ්ටියෙන් 108 වරක් මතුරා ගෙන ජීවම් මන්ත්‍ර මැතිරිය යුතුයි..
ශ්‍රී රාම දිෂ්ටිය
“ ඕං ශ්‍රී රාම ඊශ්වර බ්‍රහ්ම විෂ්ණු සුරේන්ද්‍ර ශක්‍ර දිෂ්ටි වා වා – නවනාථ නවග්‍රහ දිෂ්ටි වා වා – ශ්‍රී විෂ්ණු අයියනාරායණේ දිෂ්ටි වා වා – කන්දස්වාමි මුලු දෙවොල් ගිනි පත්තිනි දැඩිමුණ්ඩ රාමේ දිෂ්ටි වා වා – දේව රජ්ජුරු හනුමා භද්‍රකාලී මංගර දිෂ්ටි වා වා – සමන් බහිරව ඔඩ්ඩියාරේ ගොපලු කඩවර දිෂ්ටි වා වා – මලලවීර මුණ්ඩ සැඩකමිබිලි උඩයක් ඉරලා මෝහනී දිෂ්ටි වා වා – ආඝොර මදුර මාර සිලම්බරී ඉරසඳ භූම දේවී දිෂ්ටි වා වා – කල්ලම්බේරී සරස්වතී ජලමේඝකාලී ශ්‍රියා දේව අංපන කුමාර දිෂ්ටි වා වා – වටු කපිල්ලී සූනියන් යක්‍ෂයා දිෂ්ටි වා වා – දෙමළ භාෂා සැම යක්‍ෂ යක්‍ෂණියෝ ආරූඪ දිෂ්ටි වා වා –අහස පොළොව මුළු සක්වළ හිමාල පර්‍වත ගස් ගල් වෙවුලුවා වර වර – යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් අඳුන් හඳුන් ජීවන් දිෂ්ටි ලා වර වර – ආවේශ වර වර නැගී වර වර විගස වර වර – සැණෙන් වර වර – මා කෙරෙහි දිෂ්ටි වර වර – දිෂ්ටි වර වර නමඃ
ඕං කාලී දිෂ්ටී ගං – භද්‍රකාලී දිෂ්ටි ගං – බහිරවකාලී දිෂ්ටි ගං – ආනන්‍ද බහිරව කාලී දිෂ්ටි ගං – මෙ කියන දේවතාවීයෝ සතර දෙනා දිෂ්ටි ගං ඒස්වාහා.
ඕං කාලි මහාකාලි – පර්වත කාලි – අංජනකාලි ඊශ්වරකාලී ඒ සියයක් බලා – ඒ සියයක් ප්‍රාණ බලා – අජීව ප්‍රාණ ජීව ප්‍රාණ ජීව ජීව ප්‍රාණ – ඒස්වාහා.
ඕං හනේ වා වා – දේවරාජ වා වා අහසට නාත දේවෝ වා වා – විෂ්ණු දේවෝ වා වා – කතරගම දේවෝ වා වා – පත්තිනි දේවෝ වා වා – කාලි දේවී වා වා – ගිනිකුරුම්බ්‍ර දේවතාවා දැපණේ – ගිනි දේවතාවියන් සැණෙන් දිෂ්ටි ලා වර වර ඒස්වාහා. “
මෙයින් නියමිත මන්ත්‍රයක් නැති අංජනම්වලට 108 වරක්ද, නියමිත මන්ත්‍ර ජීවම් ඇති අවශේෂ අඳුන්වලට 21 වරක්ද මැතිරිය යුතුයි. යන්ත්‍ර මන්ත්‍ර, තෙල්, බෙහෙත්වලට මැතිරීමට ද මෙය ශුභයි. රුහුණේ භාවිත වන ශ්‍රී රාම දිෂ්ටිය මීට මඳක් වෙනස් ය.
අංජනම ජීවම් වරමින් හා ශ්‍රී රාම දිෂ්ටියෙන් මැතිරූ පසු අංජනමට අදාල ජීවම් මන්ත්‍රය මතුරා ගත යුතුය ඉන් පසු පලිප්පු දැමීම පිණ්ස පහත සදහන් අංජනම් පලිප්පුවෙන් මතුරා අංජනම් බලන තෙක් සුරැකිව තබා ගත යුතුයි..
සොයාගැනීමට අතිදුර්ලභ අංජනම් පලිප්පුවක් (හනුමා වෛරෝඩිය)
“ ඕං හ්‍රීං ගජවරන දිල්ලී පිල්ලි බාහේස් – සාහේස් – භ්‍රලාන්තු පුරදේව ගිරිරාම ඉන්දුපුර වාන්දුතමේ දේවරාජ අණින් පලිප්පු පලිප්පු – යමක රුවාල් ගිරිහන්දි දෙරණ තර්ජනා වා වා – සර්පසාම්බු මුහුදුකම්පා චලිත වා වා – දේවගිනි මුද්‍රාසනී අහස තර්ජනා වා වා – කල්ලෝඩි බාහේස් ගිනි කදිර මාලාසනේ පෙරළී වා වා – රාම නාරායණේ අණින් කදිර දේවමාලා ගිනි කරවා හනුමන්තා පලිප්පු වෛරෝඩි වා වා – බ්‍රාබුසාලා හෝ හෝ විරූල්හමේ දේවරාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වා වා – අෂ්ටප්‍රලෝක ඉරන්දුක්කාල් ශර ගිනි බන්ධ විරූපාක්‍ෂ දේවරාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වා වා – ශර්දිකුලබිම්බ ගජවරන මුද්‍රා සනී – බිහිරි තෝඩා මා කලි බජිරු බජිරු කුංසුඩාප්පෝර පෙරියෙල් මරු මරණ තෝඩමුඩොන් කුවේර වෛශ්‍රවණ දේවරාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වා වා – පාළු ජාමී හෝරා ජා මහායූල් හජහල් හක්මී දෝලාඩි හනුමා පලිප්පු වෛරෝඩි වා වා – නවග්‍රහ දිෂ්ටි මුලු පලිප්පු බ්‍රාඩි වර රාජා – සැඩි මුඩී තෙරීයෙල් වා වා – තන්කෝජෝකාකි ජිලි මිලි සෙයියදු හනුමා පලිප්පු වෛරෝඩි වා වා – කිසිරැලි උපුල්වන් සමන් බොක්සැල් කැලණි විභීෂණ ජයශ්‍රී නාරායණ අණින් විමන් ගිනි කොට හනුමා පලිප්පු වෛරෝඩි වා වා – දේව ගුරුවාල් කන්තිච්චි වීරපත්‍ර නාරායණේ – ඉරි සුරුංඩු හනුමා පලිප්පු වෛරෝඩි වා වා – අෂ්ට ගජේන්ද්‍ර හස්තිසිංහ වෛරෝඩි වා වා – දේව ගුරුවාල් කන්තිච්චි වීර පත්‍ර නාරායණේ – යමකාල් මුද්‍රාසනී සප්තකූල පර්‍වත හිමාල සප්තරූඪ අසුරභවන වෙවුල්වා හනුමා පලිප්පු වෛරෝඩි වා වා – අටමහනිරේ ගින්නෙන් දෑවීමි – සතර දිවයින් පිරිවරා කොදෙව්වල නොරඳා එං එං තම්බිරානේ – ඕඩි වර වර – නමඃ
ඕං පත්‍රකාලී වජ්‍රා දිෂ්ටි මරු මරණ දෙරණ කපාල හනුමා කිලම්බු නමෝ වෛරෝඩි වා වා – එන් එන් නමඃ
ඕං හ්‍රීං දෙහෙදු දරණ වේ ගුරුමාල – කිලම්බු ගර්ඩි පලිප්පු වර වර නමඃ
ඕං හ්‍රීං අම්බාරූඪ දෙරණ ගිනි කර – දෙහෙදු දෙහෙදු යමදොර චලිතකර හනුමා වෛරෝඩි නේත්‍ර දිෂ්ටි කයියේල් – සුරුඹු චවෙරකිඩ තෝටුප්පුලේ – අංජන දේවි දිෂ්ටි දිෂ්ටි ඒ අණින් වර වර නමඃ
ඕං හ්‍රීං ජල්ලා – අල්ලල්ලාහු හා හා – තෙයි තෙයි සෙයියදු – ආ ආ ඊ ඊ – සිව සිව – හනුමා කන්‍දනේ – වෛරෝඩි දිෂ්ටි ගං වර වර නමඃ
ඕං හ්‍රීං පාජුලි – පදක්කන්නා පිහාකුන් – ජේ ජේ පෝස්ටු ජෝමී හිම්කාරනමෝ – ප්‍රමුනි බලනු – මුකුලු ප්‍රේති – හනුමා පලිප්පු වෛරෝඩි දිෂ්ටි නාරායණේ නමඃ
ඕං හ්‍රීං හවුඩි හලුඩි සෙල්ලුම් – ග්‍රමාහිභූමි සෙල්ලුම් – කදිරමාලා සෙල්ලුම් වීර හනුමා සෙල්ලුම් වීර පත්‍රකාලී සකිරණ දෙරණ සෙල්ලුම් වල්ලී අම්මා සෙල්ලුම් – භද්‍රකාලී සෙල්ලුම් – අංජන දේවී සෙල්ලුම් – ශ්‍රියාකාන්තා දේවී සෙල්ලුම් – සබරී කුංජරී සෙල්ලුම් – තත්‍රවීර කොණ්ඩේන් හනුමා වෛරෝඩී ගං නමෝ නමඃ ”
වන්නි හත්පත්තුවෙන් ලැබුණ හනුමා වෛරෝඩිය යි.
අංජනම් ජීවම් කරන විට 21 වරක්ද බලන විට 7 වරක්ද මතිරිය යුතුයි..
No comments:
Post a Comment