අංජනම් එළි

 අංජනම් එළියක් සාදා අත් හදා බැලීමේදී සැලකිය යුතු කරුණු කිහිපයෙක් ඇත. මේහි වේවා වෙන පොතකින් වේවා කොයි යම් අඳුනක් නමුත් පහසුවෙන් අත්හදා බලන්නට නම් කලින් බලා පළපුරුදු කෙනෙකුන් ලවා බැලවිය යුතුයි. එසේ නැතිව රාශියක් ලවා බලවන්නට යෑම සුදුසු නොවෙයි. අංජනම නිවරදි සාදා ජප කළ නමුත් නොපෙනේ නම්, වෙනත් අංජනමකට (අංජනම් එළිය පෙනෙන) එළිය ගෙන්වා සෑදූ අංජනමේ දෝසය සොයාගෙන නිවරදි කර ගත යුතුය. එසේත් නැතිනම් දේවාරූඪ ඇති කෙනෙක් මගින්ද අඩුපඩුව අසා දොස් දුරු කර ගත හැකිය. අංජනම් වලට කොඩිවිණ හූනියම් හිරබන්ධන වැදී එළිය හිර වූ අවසථා වලදී වින කපන මන්ත්‍ර වලින් දෙසි කපා වින ඉවත් කර ගත යුතුයි.

එසේම සමහර බලගතු ආරක්ෂා ඇති ස්ථානයන්ට ද දිෂ්ටිය නොපැමිණෙන බව සැලකිය යුතුයි. කොඩිවිණ දෝෂයන් බලපාන ස්ථානයන්හිද අංජනම් එළි වැඩ නොකරයි. භූතයන් විසින් වසනු ලැබේ. සමහර විට බලන්නා භය ගන්වනු ලැබේ.
පහත් පැවැතුම් ඇත්තන් කරන, පහත් පරිසරයක් ඇති අගෝචර ස්ථානයන්හි කරන අංජනම් එළිවලට කිසි විටෙක උසස් දේවතාවෝ නොවඩිති. ඒ තැන්වලට පැමිණෙන්නෝ පහත් ගණයේ භූතයෝය. ඔවුන් ගෙන් සත්‍යයක් අසා ගැනීම සැක සහිතය. උසස් ප්‍රතිඵල ලැබීමට නම් පස්පව් දසඅකුසල් ආදියෙන් වැළැකී සීලභාවනාදි ගුණයන්හි පිහිටා කරුණා මෛත්‍රී පෙරදැරිව, බාහිර ආභ්‍යන්තරික පාරිශුද්ධියෙන් යුතුව ස්ථානය ද දෙවියන් වැඩම කිරීමට සුදුසු පවිත්‍ර තැනක් කර නිසි පරිදි දේවාංජනමක් සකසාගත යුතුය.

හනුමන්තා අංජනම් දේවිය සහ වෙනත් දෙවිවරුන් ගෙන්වන ක්‍රම


බොහෝ දෙනා හනුමන්තාත් අංජනම් දේවියන් පමණක් ගෙන්වා අංජනම්වලින් වැඩ ගනිති. විෂ්ණු දෙවියන්ද ගෙන්වීමෙන් හනුමා ගෙන් වැඩ ගැනීම පහසු වේ. සතුරු උපද්‍රව පිළිබඳ එළිය බැලීමේදී කාලිය ද ගෙන්වාගැනීම ප්‍රයෝජන යි. තනිකර සූනියම් දේවතාවා ගෙන්ද අංජනම් කිය හැකියි. ඒ නිසා දෙවිවරුන් ගෙන්වා ගැනීම අවස්ථානුකූලව කළ යුතුයි. ඊශ්වර,පත්තිනි, සමන්, දේවතා බණ්ඩාර, වාහල, අයියනායක, කතරගම, ආදී දෙවිවරුද, සතරවරම් දෙවියන් ද, ක්‍රිස්තියානි, මුස්ලිම්, සමාගම් වල දෙවිවරුන්ද, අංජනම් වලට පැමිණ උදවු උපකාර කර දෙති. සෑම රටකම පාහේ මනුෂ්‍ය භූමියට ආසන්නයේ භූමාටු දේව හෝ අසුර සමාගම් වෙයි. ඒ සමාගම් වල සිටින දෙවි වරු හෝ අසුර පිරිස් අංජනම් වලට වෙසෙසින්ම පමුණවා ගැනීමට හැකිය. අවැසිනම් මේ ලෝකයේ හෝ සක්වළින් එපිට සිටින බෞද්ධයන්ට බොහෝ උදවු උපකාර කරන අමිතාභය බුදු රජාණන්වහන්සේ ඇතුලු පිරිස් සමඟ සම්භන්ද වීමටද අංජනම් භාවිතා කළ හැක. ඉන්දියාව තුල ගෞතම බුද්ධ සාසනයේ මාර්ග ඵල ලාභීන කිසිවකුත් නොමැති කාලයක් විය. ඒ කාලයේදී සාග ලෝකයේ වැඩ සිටින අමිතාභය බුදු රජාණන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිද්ධි යෝග විද්‍යාව නමින් යෝග විද්‍යාවක් බිහි විය කුණ්ඩළණී ශක්තියෙන්ද ධ්‍යාන බලයෙන්ද සත්‍යාබෝධයෙන්ද පිරි ඒ යෝගීන් නැවත ඉන්දියාව තුල මාර්ගඵල සාසනය නිර්මාණය කලහ. පසු කලක වජ්‍රයානයට නිර්මාණය වන්නේද ඒ සිද්ධි යෝග විද්‍යාවේ ශිෂ්‍යයන් ගෙන්ය. Doctor Stephen Strange චිත්‍රපට මාලාව නිර්මාණ වන්නේත් අදටත් සිටින සිද්ධි යෝගීන්ගේ විශ්මිත හැකියාවන් පාදක කරගෙනය.. අංජනම් වලට සෘජුවම අදාල නොවුනද මෙහි ලා දෑක්වූයේ ප්‍රබල අංජනමක් සිද්ධි කරගත් කෙනෙකුට ඒහි එන බොහෝ දේවල් දෙවිවරුන්ගේ උදවුවෙන් සිදු කිරීම එතරම් අපහසු නොවන බැවිනි..

කිලිකුණු වැළැක්වීම

අංජනම් හෙප්පුවක (පියන වැසිය හැකි භාජනයක) ලා සුරැකිව තබාගත යුතුයි. එසේ කියා තිබෙන්නේ කිලිකුණු අපවිත්‍ර දේට අසු නොවීමටය. හෙප්පුව සුළං ඇතුළු නොවනාකාරයෙන් සාදවා එය තවත් හෙප්පුවක් තුළ ලා මේස ලාච්චුවක හෝ අල්මාරියක හෝ ලා තැබීමෙන් අඳුනේ බලය සුරක්‍ෂිත වේ. ගෙයින් පිටත මල් යහනක හෝ ගස් බෙනයක හෝ අඳුන් හෙප්පුව තැබීම පුරාණ සිරිත ය. එළිය බලන්නට පෙර එය බලන අය මෙන්ම මතුරන අය ද නා පිරුවට ඇඳ පිරිසුදු වෙන්නට ඕනෑ ය. බලන ස්ථානය ද කහදිය ඉස පිරිසුදු කරන්නට ඕනෑ ය. අසන තැනැත්තා පිරිසුදු වීම් ඕනෑ ය. කිසිවකු ඒ බලන දවසේ කිලි මස් මාළු කෑම නොහොබී. ස්ථානයෙහි කිලි මස් පිසීම ද නරකය. නොදැන හෝ හදිසියේ හෝ කිලි අසු වුණොත් කිලි පහකරන මන්ත්‍රයකින් නැති කරන්නට පුළුවන.

පංච ශක්ති: අංජනම් එළි යනු මොනවාද?

පංච ශක්ති: අංජනම් භාවිතය

පංච ශක්ති: අංජනමක් නිර්මාණය කරන ආකාරය 

පංච ශක්ති: අංජනමක් ජීවම් කරන ආකාරය

පංච ශක්ති: අංජනමක් බලන ආකාරය


No comments:

Post a Comment

Featured Post

ඕම් මනි පද්මේ හූම් (මන්ත්‍රය)

   "ඕම් මනි පද්මේ හූම්" (Om Mani Padme Hum)  යනු තිබ්බත බුදුදහමේ එන වඩාත්ම ප්‍රචලිත සහ බලගතු මන්ත්‍රයයි. මෙය මහා කරුණාවට අධිපති  අ...

Popular Posts