අංජනම් එළි යනු මොනවාද?

 අංජනම් එළි බැලීම අප රට වැසියන්ට අඳුන්වා දිය යුතු අලුත් ශාස්ත්‍රයක් නොවේ. පුරාණ කාලයේ සිටම අංජනම් එළි බැලීම ශ්‍රී ලංකාව, ඉන්දියාව, අරාබිය, මිසරය ආදී රටවල පැවතිණි..

මෙහි දක්වනුයේ අපේ මුතුන් මිත්තන් පරම්පරාගත ව ආරක්‍ෂා කරගෙන සිංහලයන්ගේ පැරණි අංජනම් ක්‍රමයයි. මීට පැරණි සිංහල ක්‍රමය යි කියන්නේ පැරණි සිංහලයන් විසින් නිපදවන ලද හෙයින් හා ශත වර්ෂ ගණනක සිට අපේ පැරණි සිංහලයන් භාවිත කරගෙන ආ හෙයිනි. මෙයින් බොහොවක් දඹදිවින් සිංහලයන්ට ලැබුණු ඒවාය. සමහරක් අරාබින් ගෙන් ලැබුණු ඒවා ය. තවත් සමහරක් මිසරයන් ගෙන් ලත් ඒවාය. තවත් සමහරක් දුවිඩ ජාතින්ගෙන් ලත් ඒවාය.

සාමාන්‍යයෙන් අංජනමය කියන්නේ බෙහෙත් ද්‍රව්‍ය ගෙන සාදන අඳුනට ය. ඉන් පහළ වන ආලෝකය අවලෝකනය කිරීම අංජනම් එළිය බැලීමයි. යථෝක්ත ආලෝකය පොළොව යට හෝ මතුපිට හෝ කැමති තැනකට – වුවමනා දුරකට – යවා යම් යම් ගුප්ත දේ අනාවරණය කරගන්නට පුළුවන. ඇතැම් විට රෝගයක නිදානය දක්ෂ වෛද්‍යවරයකුට නාඩියෙන් පවා දැනගැනීම දුෂ්කරය. එබඳු රෝගයක නිදානය පමණක් නොව සතර මහා නිධානයක් වුවත් අංජනමකින් සොයාගත හැකියි. සොරකු බඩු ගත් කල ඒ බඩු සඟවා තිබෙන්නේ කොහේද, ගත් සොරා කවරෙක් දැයි අංජනමක් බැලීමෙන් දැනගත හැකියි.

එසේම සතුරන් කර තිබෙන නොයෙක් කොඩිවිණ, සූනියම් ගැන ද අනුන්ගෙන් ලැබිය හැකි ලාභ ප්‍රයෝජන සහ තරගවල දිනුම් පරාද ද, අංජනමෙන් බලාගත හැකියි.

සත්‍ය අංජනමක් සොයාගත් කල කිසිවකුටත් නොදී සඟවා තබාගැනීම අප රට බොහෝ දෙනාගේ සිරිතය. දුර්ලභ බෙහෙත් ද්‍රව්‍ය සොයා බොහෝ වියහියදම් දරා අංජනම් සිය ගණන් සාදන ලද නමුත් එයින් සියයට විස්සකට වඩා හරි නොගියේය. අත්දුටු අංජනම් සහ විශ්වාසදායක මාර්‍ගවලින් ලැබුණු ඍෂිභාෂිත අංජනම් පමණක් මීට ඇතුළත් කරන ලදි. මීට වඩා ප්‍රත්‍යක්‍ෂ අංග සම්පූර්ණ අංජනම් ලක්දිවින් සොයාගැනීම දුර්ලභය.

ගුරු පොතින්

No comments:

Post a Comment

Featured Post

ඕම් මනි පද්මේ හූම් (මන්ත්‍රය)

   "ඕම් මනි පද්මේ හූම්" (Om Mani Padme Hum)  යනු තිබ්බත බුදුදහමේ එන වඩාත්ම ප්‍රචලිත සහ බලගතු මන්ත්‍රයයි. මෙය මහා කරුණාවට අධිපති  අ...

Popular Posts