අංජනමක් බලන ආකාරය

 අංජනමක් සාදා ජීවම් කරගත් පසුව අංජනම බැලිය යුතුය. ඊටද මල් බුලත් පුටුවක් සදා දිෂ්ටි මන්ත්‍ර මතුරා දෙවිවරුන්ට ආරාධනා කල යුතුය. එහිදී භාවිතාවන මන්ත්‍ර පන්තියක් පහත දැක්වෙයි. සුදුසු පරිදි ඒ ඒ මන්ත්‍ර අංජනම් බලන විටදී භාවිතා කළ යුතුය..

එළිය බැලීම

පෙරදිග ක්‍රමයට අංජනම් එළි බැලීමේදී මුහුණ මෑ යුතු දිසාව උච්චාටනයට හිමි වයඹ කොනය. බැලීමට ඉතා සුදුසු කාලය රාත්‍රියයි. මල්, පලතුරු ආදි පුද ඉදිරිපිට තබා මැදින් පහන නඟා ඉන් වැටෙන එළිය අංජනමට වැටෙන පරිදි හෙප්පුව යමකට හේත්තු කර කැමති සහකරුවකු ලවා අංජනම් බැලවිය යුතුය. ඔහුට වටපිට නොබලා ඇස්පිල්ලම් නොගසා එක හිතින් හෙප්පුව දෙස බලා සිටීමට නියම කළ යුතුයි. මේ අතර අංජනමට නියම මූල මන්ත්‍රය ද මැතිරිය යුතුයි.

හෙප්පුව මැතිරීම

” ඕං සර්වසිද්ධි බෝ නමෝ විඛෙස්වාහ ”

එළිය බැලීමට පෙර මින් හෙප්පුව 21 වරක් මතුරාගත යුතුයි.

මල්බුලත් තටුවට දුම් ඇල්ලීමට විශේෂ මන්ත්‍රයක්

” ඕං බ්‍රහ්ම විෂ්ණු අංජනම් දේවි වා, අනඟ ප්‍රලී වා, හනුමන්තා වා, ලෝක මහාදේවී වා වා ”

මෙයින් අංජනම් එළිය බලන අවස්ථාවේදී මල් බුලත් තටුවට කලින් සූදානම් කරගත් කට්ටකුමංජල් දුම් ඇල්ලිය යුතුයි. 21 වරයි.

මල් බුලත් පේ කිරීම

“ඕං ජීව ප්‍රාණ භූත ප්‍රාණ අභූත ප්‍රාණ අජිවො ජීවො ප්‍රා ඒස්වාහඃ “

මල් බුලත් පේ කරනු. 21 වරයි.

බලන අයට ආරක්ෂාවට

” ඕං ත්‍රිසූලධාරි ආකාශ බන්ද පාතාලේ වාසුකී බන්ද ඊශ්වර ආයු බනද බනද ඒ ස්වාහා “

බලන අයගේ කෙස් රොදක් හෝ රෙද්දේ පටක් හෝ ගැට ගසනු. 21 වරයි.

එළිය විශාල වීමට සහ කළුවර නැති වීමට

” ඕං නමෝ මහමෙර සත් තට්ටුව පළාගෙන භූත නාග බින්දවාපු සූර්ය දිව්‍ය රාජයා කළුවර බිඳ තුන්ලොව එළිය කළ ආනුභාවෙන් මහ පොළොව පළාගෙන නාගලොව එළිය වෙන්ඩ සුර්යය දිව්‍ය රාජයා ගෙන් වරමි.”

මෙ සේ මැතිරිය යුත්තේ පොළොව යට බලන පාතාල අංජනම් සඳහා පමණකි. ඒ හැර පොළොව මතුපිට පෙන්වන අන්‍ය අංජනම් සඳහා මතුරන විට ඊටම ” නාගලොව එළිය වෙන්ඩ ” වෙනුවට ” තුන්ලොව එළිය වෙන්ඩ ” කියා යොදාගත යුතුයි. රෑට මතුරන විට මෙය 7 වරක්ද දවල්ට මතුරන විට මෙය 21 වර ද මතුරනු. එළිය විශාල වන්නට සිතූ විට එසේ වේ.

අඳුන් ගෑ බුලත හෝ හෙප්පුව හෝ පසා වී පෙනීමට

” ඕං ඉර පළා ඕඩු සඳ පළා ඕඩු භූමි පළා ඕඩු මෙරගල් පළා ඕඩු ඕඩු ඒස්වාහා ”

පසා වී පෙනේ. 21 වරයි. ඊට පසු අංජනමට අරක්ගත් දෙවි දේවතාවුන්ට පෙනී සිටීමට සිතනු.

හනුමා විශාලව පෙනීමට

එළියට පෙනී සිටින දෙවි – දේවතාවුන් කුඩාව පෙනෙන කල යමක් හරි හැටි තෝරා බේරාගැනීම දුෂ්කරය. ඒ නිසා ඔවුන්ට විශාල මනුෂ්‍ය ප්‍රමාණ ශරීර වලින් පෙනී සිටීමට ආරාධනා කළ යුතුයි.

” ඕං සිවකදිර නාරායණේ හනුමා දිෂ්ටි වර වර ඒසවාහඃ ”

මෙයින් 7 වරක් මතුරා කට්ටකුමංජල් දුම් අල්ලනු. හනුමා විශාල වී පෙනේ.

දෙවි දේවතාවුන් නොසලකන විට

” ඕං අග්නිප්‍ප්‍රාණ ජලප්ප්‍රාණ දේවප්ප්‍රාණ දිෂ්ටිප්ප්‍රාණ් ඒස්වාහඃ ”

7 වරයි. හනුමා ආදි දෙවිවරුන් නොසලකන විට ද වැඩ නොකරන විට ද, ප්‍රමාද බැව් දක්වන විට ද මෙයින් කට්ටකුමංජල් මතුරා දුම් දිය යුතුයි.

එළිය එකතු කිරීම

අංජනම් එළි පෙනෙන්නට ආරම්භ වූ විට බොහෝ දෙනාට පෙනෙන්නේ තනි එළියකි. එය විශාල වන්නට සිතුවාම එසේ වේ. ඊට පසු එළිය පසා කරගෙන දෙවිවරු පැමිණ වැඩ අවැඩ කියත්. ඇතැම් විට තැනිත් තැන එළි කීපයක්ද පෙනේ. එ කල එළිය බලන අයට ඒ එළි සමූහය එකට එකතු වන්නට සිතාගන්නට කියා මෙසේ මතුරනු.

” ඕං නීලවර්‍ණ නීලබින්දු දිෂ්ටි දිෂ්ටි ඒස්වාහා.”

21 වර මැතුරූ විට එළි රැස එකතු වේ.

අංජනම් දේවියට එළිය ඇල්ලීමට

” ඕං විෂ්ණුකාලී ශරපත්‍රකාලී අම්මා මා කෙරේ දිෂ්ටි – කල සභා දිෂ්ටි – ඕං නීල පත්‍රකාලී නිල්මේග හනුමේශ්වරී – ගව්රි කවසි හනුමා – රාවණා අවතාර ශීඝ්‍ර ශීඝ්‍ර නම නම ඒස්වාහඃ. ඕං ගිනි මංග්‍රකාලිගේ නාසෙන් ගිනිකඳක් ඇරිය ආනුභාවෙන් නාඹ තල්කඳක් සේ ගිනිකඳ විහිදුවන්ඩ වරමි. ඕං ලක්‍ෂමී අංජනදේවී සර්‍ව අංජනදේවී අම්මේ එළිය අල්ල අම්මා වා වා දිෂ්ටි හනුමා වා වා සත්දෙනා රාජ සේවයෝ අංජනදේවී නඹුමේ තාක්කු තාක්කු නම නම නමඃ “

අංජන දේවියට එළිය ඇල්ලීමටත් එළිය විශාල කිරීමටත් මෙය 7 වරක් මතුරනු.


හනුමන්තා අංජනම් දේවිය සහ වෙනත් දෙවිවරුන් ගෙන්වන මන්ත්‍ර

බොහෝ දෙනා හනුමන්තාත් අංජනම් දේවියත් පමණක් ගෙන්වා අංජනම්වලින් වැඩ ගනිති. විෂ්ණු දෙවියන්ද ගෙන්වීමෙන් හනුමා ගෙන් වැඩ ගැනීම පහසු වේ. සතුරු උපද්‍රව පිළිබඳ එළිය බැලීමේදී කාලිය ද ගෙන්වාගැනීම ප්‍රයෝජන යි. තනිකර සූනියම් දේවතාවා ගෙන්ද අංජනම් කිය හැකියි. ඒ නිසා දෙවිවරුන් ගෙන්වා ගැනීමට මන්ත්‍ර මෙහි පහත දක්වනු ලබේ. මේ මන්ත්‍ර සියලු ම අංජනම්වලට සාධාරණ නිසා අවස්ථානුකූල ව ප්‍රයෝජන ගත යුතුයි.

විෂ්ණු දෙවියන් ගෙන්වන මන්ත්‍රයක්

” ඕං ජල ජල විෂ්ණුරාජාය වාරුං වාරුං ත්‍රිලෝකයාධිපති රාජයා වාරුං වාරුං වර වර ඒස්වාහඃ. ඕං ජල පූර්‍වනාහධාරී වාරුං වාරුං වර වර ඒස්වාහා. ඕං ජල ජල විෂ්ණු රාජයා වාරුං වාරුං ත්‍රිභුවන රාජයා වාරුං ත්‍රිලෝක රාජයා වාරුං වාරුං වාරේ ස්වාහා. “

21 වර මතුරනු.

අංජනම් දේවිය ගෙන්වන මන්ත්‍රයක්

“ඕං සඩකාලි මහාකාලි දේවී ආඝෝර අංජන දේවී ඕඩාම් ඕඩේ සවාහා. “

අංජනම් දේවි ගෙන්වීමට 21 වර මතුරනු.

ඊටම තවත් මන්ත්‍රයක්

” ඕං නමෝ ඕං කාලී අංජන කාලී ඕඩිවා ඊශ්වර කාලී පේසුම් ඕඩිවා ඕං හ්‍රීං පේසි පේසි ගිඩි ගිඩි ඕඩීවා එන් තඹිරානේ ඕඩීවා. නමෝ කාලී අංජන දේවී වා වා ඝෝර භද්‍ර ශ්‍රීං කට්ටු තෙන්ත්‍රි පේසු පේසු පිසාසී සායුං අංජනදේවි වා වා ඕඩිවා ඕං රාං රාං හ්‍රීං හ්‍රීං වීසි වීසි ඕඩිවා එන් තඹිරානේ ඕඩීවා. ”

21 වරයි.

ඊටම තවත් කුඩා මන්ත්‍රයක්

” ඕං බ්‍රහ්ම විෂ්ණු අංජන දේවී වා හනුමන්තා දේවී වා ලෝක මහා දේවී වා වා. “

21 වරයි. අංජනමට මැතිරීමට නියමිත මන්ත්‍රයට අංජනම් දේවී නොපැමිණි කලද මින් එක් මන්ත්‍රයකින් 21 වරක් මතුරනු. අංජනම් දේවී එළියට පැමිණෙයි.

හනුමන්තා ගෙන්වන මන්ත්‍ර

" ඕං නමෝ හනුමන්තා වාප්පෙවා - කිඩ හනුමා වාප්පෙ වා - භූත හනුමා වාප්පෙවා - ඉන්දුකාර හනුමා වාප්පෙ වා - බදු හනුමා වාප්පෙ වා - අඩ හනුමා වාප්පෙවා - කඩ හනුමා වප්පේවා - කෛරාඩි ඕඩිවා හනුමා - සිව සිවායනේ දිෂ්ටි දිෂ්ටි වර වර සිවේ සිවාඛ " හනුමා ගෙන් වීමට 21 වර මතුරනු.

 ඊට ම තවත් මන්ත්‍රයක්

" ඕං ත්‍රී පච්චිහනුමා වා වා - ත්‍රීකාල් හනුමා වා වා - ඕං ත්‍රී පෙයාල් හනුමා වා වා - ඕං ත්‍රිං කට්ටු ආකාශ හනුමා වා වා - ඕං හ්‍රීං ආකාශ දේව හනුමා වා වා - ඕං හ්‍රීං වීසි වීසි හනුමා වා වා - ඕං හ්‍රීං හ්‍රීං වීසි ඉගිළ ඉගිළ ඕඩි එන් තඹිරානේ ඕඩීවා ඕං ඕං රාං රාං රීං රීං හ්‍රීං හ්‍රීං ඕඩිවා. "  හනුමා ගෙන්වීමට 21 වරයි. හනුමන්තා, අංජනම් දේවී ගෙන්වන මන්ත්‍ර කොපමණ පාඩම් තිබුණත් වරදක් නැත. ඔවුන් අංජනමට ප්‍රධාන හෙයිනි.

ඊටම තවත් මන්ත්‍රයක්

" ඕං නමෝ හනුමන්තා දිෂ්ටි දිෂ්ටි ඒස්වාහා. " තනිකර හනුමන්තා පමණක් පමුණුවන විට මෙය මතුරනු. 21 වරයි.

කැමති දෙවියකු ගෙන්වීමට. වෙන කැමති දෙවි කෙනකු ගෙන්වීමට ද මේ මන්ත්‍රය වෙනස් කර භාවිත කළ හැකියි. ඊට කළ යුත්තේ “හනුමන්තා” යන්න වෙනුවට වෙන වුවමනා දෙවි කෙනකුගේ නම යොදාගැනීමයි. ඒ මෙසේයි: ශු. අන්තෝනි මුනිඳු ගෙන්වීමට " ඕං නමෝ ශුද්ධ අන්තෝනි මුනීන්ද්‍රයා දිෂ්ටි දිෂ්ටි ඒස්වාහා. " මෙ සේ වෙන කැමති දෙවි කෙනකු ගෙන්වීමට ද මේ මන්ත්‍රය වෙනස් කර භාවිත කළ හැකියි. ඊට කළ යුත්තේ “හනුමන්තා” යන්න වෙනුවට වෙන වුවමනා දෙවි කෙනකුගේ නම යොදාගැනීමයි. ඒ මෙසේයි: ශු. අන්තෝනි මුනිඳු ගෙන්වීමට " ඕං නමෝ ශුද්ධ අන්තෝනි මුනීන්ද්‍රයා දිෂ්ටි දිෂ්ටි ඒස්වාහා. " මෙ සේ මතුළ කල ශුද්ධ වූ අන්තෝනි මුනීන්ද්‍රයා එයි. 21 වරයි.

ක්‍රිස්තු භක්තිකයකු විසින් අංජනම් බැලීමේ දීත් ක්‍රිස්තු භක්තිකයකුට අංජනම් කීමේ දීත්, ශු. අන්තෝනි මුනිඳු සහාය කරගැනීම යහපති.

කාලිය ගෙන්වන මන්ත්‍රය

" ඕං ත්‍රී තාජාතා බුලාවා කාලි යන්ත්‍රනා කාලි ජොතිරංග කාලි නීලපුලි හරිනා ඕං ඕං තාකාලි පෙසරාහු පෙරුං මදාරා හ්‍රීං කෙන්ද්‍ර කාලි නිසරාහු නිස කාලි කාලී දිෂ්ටි දිෂ්ටි වා වා. " කාලි ගෙන්වීමට 21 වර මතුරනු. කාලිය ගෙන්විය යුත්තේ සතුරු උවදුරු ගැන බලන විට පමණකි.

සූනියම් දේවතාවා ගෙන්වන මන්ත්‍රය

" කුරු කුරුප්පන් කන්නෝම් කොන්නාඩී කලියම් කත්ථියුම් කච්චිල සර කෝමල මුට්ටියේල් යේරුක මලයාල් කොංචි කොංචි හෝල් කොන්නාඩි වා වා කලුකොන්ඩී වා වා උරවිරේ වා වා කොන්ත්‍රින් ථෙවාල්තරී මුරී තායුම් පුප්‍රේල් පුප්‍රේල් ඔරුවාල් තෙරුවන්නි වා වා තුබ්බේප් පට්ටි කෝල් වරනේර පෙරකෝල් හර හරනේ වා වා අරච්චිල පුච්චායුම් ලල් ලාලා ලිල් ලිලී පේයා පේසුල් හුම් දී හර ධරණී පුරපාසනීවර තොයිවීර කෛරන් සරස‍්වතී අම්මේ දිෂ්ටි ප්‍රධාරනොවාවාන් සර සපුර දිෂ්ටි දිෂ්ටි නමඃ. " පළමුවෙන් 7 වර මතුරා නොආවොත් 21 වර මතුරනු. සූනියම් දේවතාවා එළියට එයි. කොඩිවිණ සූනියම් පිළිබඳවත් යමක ජය පරාජයත් දැනගන්නට වුවමනා විට පමණක් සූනියම් දේවතාවා ගෙන්විය යුතුයි. ගෙන්වූ විට බොහෝ වර බලන අයට සිහි නැති ව යන බැවින් කලින් ආරක්‍ෂා කරන ලද වතුර වීදුරුවක් සූදානම් කර තබාගැනීම යහපති.

සිහි මූර්ජාවලදී මැතිරීමට ආරක්‍ෂා මන්ත්‍රයක්

" ඕං හ්‍රීං ඕං භගවතී ඕං පුණ්ඩරී කක්ෂං ඕං ස‍්වස්තිසිද්ධම් රරරර ඒස්වාහා. ඕං හ්‍රීං මිනිලකාලවසන්තුප්පාන් තොසවාහා. ඕං හ්‍රීං ඉන්දු කුලන්දු හැර පලයන් තෝස්වාහා. " මූර්ඡවට වතුර මතුරා මූණට ඉසිනු. සිහි වේ.

තවත් ආරක්‍ෂා මන්ත්‍රයක්

 "ඕං ශ්‍රී විෂ්ණු ප්‍රලාඩී තුරා පෝරුකී හන්ති සංක්‍රෙස් බහුලාඩි විෂ්ණු දේස් දේස් - ඕං ආදේස් කීමාරේ උර්ලාඩී දේහෝ ආක්‍රොන්තු බාහේස් ශ්‍රී විෂ්ණු නාරායණේ දේස් දේස්. " මෙය විශිෂ්ට දිෂ්ටි ඉගිළවීමකි. තෙල් මතුරා ගානු. වතුර මතුරා ඉසිනු. 21 වරයි.

හනුමාට පුද දීම

" ඕං ත්‍රිවාරුම් රූපි තබුදා ඌම් හිරහිත් නීලරාරුං වර වර ඒස්වාහා. ඕං පළමු බද්ද්‍රකාම දිෂ්ටි ඉගිළ වර වර ඒස්වාහා. ඕං රූඪ ගුරු ධාරණී නීලකංච යක්‍ෂයෝ දස දහසක් සක්වළවලින් යක්‍ෂයින් පිරිවරා වරේන්ද්‍ර වර වර ඒස්වාහා. ඕං කෛවීර හනුමා එයි රඩ්ඩි මක්කයිරේ පොයිලේ වෙත්තිලේ සුංනාම්බුං පනියාරුං වාලප්පලං තෙක්කා අවුරාල් අවුරාල් කෛවීරාල් ත්‍රීනාල් ආරාම් තින්නවා තින්නවා තින්නු තින්නු. " හනුමා උදාසීන ව වැඩ කරන විට බුලත්, පුවක්, හුනු, කෙසෙල්ගෙඩි ආදි පුද තබා කැප කරනු. හනුමා ප්‍රසන්න වේ.


No comments:

Post a Comment

Featured Post

ඕම් මනි පද්මේ හූම් (මන්ත්‍රය)

   "ඕම් මනි පද්මේ හූම්" (Om Mani Padme Hum)  යනු තිබ්බත බුදුදහමේ එන වඩාත්ම ප්‍රචලිත සහ බලගතු මන්ත්‍රයයි. මෙය මහා කරුණාවට අධිපති  අ...

Popular Posts