Wednesday, June 28, 2023

දුටුගැමුණු රජතුමා නිතර භාවිත කෙළේය යි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ජයමංගල ගාථා

 දුටුගැමුණු රජතුමා නිතර භාවිත කෙළේය යි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ජයමංගල ගාථාවක්

ජයෝ මුනින්දස්ස සුබොධිමූලෙ 

අහොසි මාරස්ස පරාජයො හි 

උගෙඝාසයුං දෙවගණා පසන්නා 

එතෙන සචෙචන ජයස්සු මය්හං


 දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයෙක ලියා ඔටුත්තෙහි තබා ගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථා තුන

බුද්ධො තිලොක සරණො, බුද්ධො සුරියෝ තමෝනුදො 

එවං තං සරණං ඛෙමං, බුද්ධො මේ සරණං වරං

ගච්ඡාමි සරණං බුද්ධං, නත්ථි මය්හං භයං සදා 

බුදුරජානන් වහන්සේ තුලොවට සරණය, තුන්ලොවාසීන්ගේ මෝහ නමැති අන්ධකාරය විද්වංසනය කිරීමට සුර්යය දිව්‍ය රාජයා වැනි ය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවත්නේය. උතුම් ප්‍රතිෂ්ඨාධාර පිණිස පවත්නා ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙකත් භයක් නැත්තේය.


ධම්මො තිලොක සරණො, ධම්මො සුරියො තමෝනුදො 

එවං තං සරණං ඛෙමං, ධම්මො මේ සරණං වරං 

ගච්ඡාමි සරණං ධම්මං, නත්ථි මය්හං භයං සදා 

ධර්ම රත්නය තුලොවට සරණය, තුන්ලොවාසීන්ගේ මෝහ නමැති අන්ධකාරය විද්වංසනය කිරීමට සුර්යය දිව්‍ය රාජයා වැනි ය. ඒ ධර්ම රත්නය මට නිර්භය පිණිස පවත්නේය. උතුම් ප්‍රතිෂ්ඨාධාර පිණිස පවත්නා ඒ ධර්ම රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙකත් භයක් නැත්තේය.


සංඝෝ තිලොක සරණො, සංඝෝ සුරියො තමොනුදො  

එවං තං සරණං ඛෙමං, සංඝෝ මෙ සරණං වරං 

ගච්ඡාමි සරණං සංඝං, නත්ථි මය්හං භයං සදා

සංඝ රත්නය තුලොවට සරණය, තුන්ලොවාසීන්ගේ මෝහ නමැති අන්ධකාරය විද්වංසනය කිරීමට සුර්යය දිව්‍ය රාජයා වැනි ය. ඒ සංඝ රත්නය මට නිර්භය පිණිස පවත්නේය. උතුම් ප්‍රතිෂ්ඨාධාර පිණිස පවත්නා ඒ සංඝ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙකත් භයක් නැත්තේය.



ගිනි පිරිත

ජාලො මහාජාලො, ජාලං මහාජාලං, ජාලිතො මහා ජාලිතො, ජාලිතං මහාජාලිතං, මුඛෙ මුඛෙ සම්පත්තෙ, මුඛං මුඛං සම්පත්තං, සුතං ගමිති සුතං ගමිති, මිගයිති මිගයිති, දිට්ඨාලා දන්තලා මද්දලා රොකිලා කරලා දුබ්බලා රිත්ති රිත්ති, ලිත්ති ලිත්ති, කිත්ති කිත්ති, චිත්ති චිත්ති, විත්ති විත්ති, මුත්ති මුත්ති, වුත්ති වුත්ති, ධාරණී ධාරණීති..

සිරි ධිති මතී තෙජො ජයසිද්ධි මහිද්ධි මහා ගුනං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස..

ද්වත්තිංස මහා පුරිස ලක්ඛණානු භාවෙන, අසීත්‍යනු බ්‍යඤ්ජන ලක්ඛණානුභාවෙන, අට්ඨුත්තර සතමංගල ලක්ඛනානුභාවෙන, ඡබ්බණ්ණරංස්‍යානුභාවෙන, කෙතුමාලානුභාවෙන, දස පාරමිතානුභාවෙන, දස උප පාරමිමාතනුභාවෙන, දසපරමත්ථ පාරමිතානුභාවෙන, සීල සමාධි පඤ්ඤානුභාවෙන..

බුද්ධානුභාවෙන, ධම්මානුභාවෙන, සංඝානුභාවෙන, තෙජානුභාවෙන, ඉද්‍ධායාභාවෙන, බලානුභාවෙන, ඤෙය්‍යධම්මානුභාවෙන, චතුරාසීතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවෙන, නවලොකුත්තරධම්මානුභාවෙන, අට්ඨංගිකමග්ගානුභාවෙන, අට්ඨ සමාපත්‍යානුභාවෙන, ඡලභිඤ්ඤානුභාවෙන, චතු සත්‍යානුභාවෙන, දස බලඤාණානු භාවෙන, සබ්බඤ්ඤුතඤාණානුභාවෙන..

මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛානුභාවෙන, සබ්බපරිත්තානුභාවෙන, රතනත්තයානුභාවේන, රතනත්තයසරණානුභාවෙන, "තුය්හං" සබ්බ රොග, සොක, උපද්දව, දුක්ඛ, දොමනස්සුපායාසාපි විනස්සන්තු, සබ්බන්තරායාපි විනස්සන්තු, සබ්බ සංකප්පා "තුය්හං" සමිජ්ඣන්තු, දීඝායුකො හොතු සතවස්සජිවෙන සමංගිකො හොතු සබ්බදා..

ආකාස පබ්බත වන භුමිතටාක ගංගා මහා සමුද්ද ආරක්ඛක දේවතා සදා "තුම්හෙ" අනුරක්ඛන්තු පදක්ඛිණා, භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දෙවතා, සබ්බ බුද්ධානුභාවෙන, සබ්බ ධම්මානුභාවෙන, සබ්බ සංඝානුභාවෙන සදා සොත්ථි භවන්තු "තෙ"..

බුද්ධරතනං, ධම්මරතනං, සංඝරතනං, තිණ්ණං රතනානං ආනුභාවෙන, චතුරාසීතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවෙන, පිටකත්තයානුභාවෙන, ජිනසාවකානුභාවෙන, ජිනසාසනානුභාවෙන, සබ්බේ "තෙ" රොගා, සබ්බෙ "තෙ" භයා, සබ්බෙ "තෙ" අන්තරාය, සබ්බෙ "තෙ" උපද්දවා, සබ්බෙ "තෙ" දුන්නිමිත්තා, සබ්බේ "තෙ" අවමංගලා විනස්සන්තු..

ආයුවඩ්ඪකො, ධනවඩ්ඪකො, සිරිවඩ්ඪකො, යසවඩ්ඪකො, බලවඩ්ඪකො, වණ්ණවඩ්ඪකො, සුඛවඩ්ඪකො හොතු සබ්බදා..

දුක්ඛ රොගභයා වෙරා, සොකා සබ්බෙ උපද්දවා, අනීඝා අන්තරායාපි විනස්සන්තු ච තේජසා.. 

ජයසිද්ධි ධනං ලාභො, සොත්ථිභාග්‍යං සුඛං බලං සිරියායු ච වණ්ණො ච, භොග වුද්ධි ච යසවා, සතවස්සො ච ආයු ච, ජීවසිද්ධි ච හොතු "තෙ".. 

භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දෙවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු "තෙ"

පඤ්චමාරජිතො නාථො, පත්තෝ සම්බොධි මුත්තමං, චතුසච්චං පකාසෙසි, මහාවීරං නමාම්‍ය 'හං, එතෙන සච්ච වජ්ජෙන, සබ්බෙ මාරා පලායන්තු..

(තුන් වරක් කියනු. සියලු දේටම යහපති.)

අමනුෂ්‍ය දෝෂවලට පිරිසිදු තෙලට එකසිය අට වර පිරිත් කර දෝෂ ඇති ගෙවල පහන් දල්වා කට්ටකුමන්ජල් පිරිත් කර ගෙයි දුම් දීම, අබවලට පිරිත් කර දුම් දීම, ප්‍රේත දෝෂවලට හොඳය.

ජය පිරිත

සිරි ධිති මති තෙජො ජයසිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස..

ද්වත්තිංසමහාපුරිසලක්ඛණානුභාවෙන, අසීත්‍යානු බ්‍යාඤ්ජන ලක්ඛණානුභාවෙන, අථුත්තරසතමංගල ලක්ඛණානු භාවෙන, ඡබ්බණ්ණරංස්‍යානුභාවෙන, කෙතුමාලානුභාවෙන, දස පාරමිතානුභාවෙන, දස උප පාරමිතානුභාවෙන, දස පරමත්ථ පාරමිතානුභාවෙන, සීල සමාධි පඤ්ඤානුභාවෙන බුද්ධානුභාවෙන, ධම්මානු භාවෙන, සංඝානුභාවෙන, තෙජානුභාවෙන, ඉද්ධ්‍යානු භාවෙන, බලානුභාවෙන, ඤෙය්‍ය ධම්මානුභාවෙන, චතුරාසීතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවෙන, නවලො කුත්තර ධම්මානුභාවෙන, අට්ඨංගිකමග්ගානුභාවෙන, අට්ඨසමාපත්‍යානුභාවෙන, ඡළභිඤ්ඤානුභාවෙන, මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛානුභාවෙන, සබ්බපාරමිතානුභාවෙන, රතනත්තයසරණානුභාවෙන..

"තුය්හං" සබ්බ රොග සොක උපද්දව දුක්ඛ දොමනස්සුපායාසා විනස්සන්තු සබ්බ සංකප්පා "තුය්හං" සමිජ්ඣන්තු දීඝායුකො හොතු සතවස්සජිවෙන සමංගිකො හොතු සබ්බදා..

ආකාස පබ්බත වන භූමිතටාකාංගා මහා සමුද්ද ආරක්ඛ දෙවතා සදා "තුම්හෙ" අනුරක්ඛන්තු සබ්බ බුද්ධානුභාවෙන, සබ්බ ධම්මානුභාවෙන, සබ්බ සංඝානුභාවෙන, බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවෙන, චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවෙන, පිටකත්තයා නුභාවෙන, ජිනසාවකානුභාවේන, සබ්බෙ "තෙ" රොගා, සබ්බෙ "තෙ" භයා, සබ්බෙ "තෙ" අන්තරායා සබ්බෙ "තෙ" උපද්දවා සබ්බේ "තෙ" දුන්නිමිත්තා සබ්බේ "තෙ" අවමංගලා විනස්සන්තු..

ආයුවඩ්ඪකො ධනවඩ්ඪකා සිරිවඩ්ඪකො යසවඩ්ඪකා බලවඩ්ඪකො වණ්ණවඩ්ඪකො සුඛවඩ්ඩකො හොතු සබ්බදා..

දුක්ඛ රොගභයා වේරා - සොකා සබ්බෙ උපද්දවා 

අනෙකා අන්තරායාපී විනස්සන්තු ච තෙජසා..

ජයසිද්ධි ධනං ලාභො සොත්ථි භාග්‍ය සුඛං බලං 

සිරියායු ච වණ්ණො ච - භොග වුද්ධි ච යසවා

සතවස්සො ච ආයු ච ජීවසිද්දි ච හොතු "තෙ"..

(මේ පිරිත සියලු රොගයන්ට ද, යක්ෂ භයට හා ග්‍රහදෝෂ වලට ද යහපති)

Friday, June 16, 2023

අංජනම් එළි

  අංජනම් එළියක් සාදා අත් හදා බැලීමේදී සැලකිය යුතු කරුණු කිහිපයෙක් ඇත. මේහි වේවා වෙන පොතකින් වේවා කොයි යම් අඳුනක් නමුත් පහසුවෙන් අත්හදා බලන්නට නම් කලින් බලා පළපුරුදු කෙනෙකුන් ලවා බැලවිය යුතුයි. එසේ නැතිව රාශියක් ලවා බලවන්නට යෑම සුදුසු නොවෙයි. අංජනම නිවරදි සාදා ජප කළ නමුත් නොපෙනේ නම්, වෙනත් අංජනමකට (අංජනම් එළිය පෙනෙන) එළිය ගෙන්වා සෑදූ අංජනමේ දෝසය සොයාගෙන නිවරදි කර ගත යුතුය. එසේත් නැතිනම් දේවාරූඪ ඇති කෙනෙක් මගින්ද අඩුපඩුව අසා දොස් දුරු කර ගත හැකිය. අංජනම් වලට කොඩිවිණ හූනියම් හිරබන්ධන වැදී එළිය හිර වූ අවසථා වලදී වින කපන මන්ත්‍ර වලින් දෙසි කපා වින ඉවත් කර ගත යුතුයි.

එසේම සමහර බලගතු ආරක්ෂා ඇති ස්ථානයන්ට ද දිෂ්ටිය නොපැමිණෙන බව සැලකිය යුතුයි. කොඩිවිණ දෝෂයන් බලපාන ස්ථානයන්හිද අංජනම් එළි වැඩ නොකරයි. භූතයන් විසින් වසනු ලැබේ. සමහර විට බලන්නා භය ගන්වනු ලැබේ.
පහත් පැවැතුම් ඇත්තන් කරන, පහත් පරිසරයක් ඇති අගෝචර ස්ථානයන්හි කරන අංජනම් එළිවලට කිසි විටෙක උසස් දේවතාවෝ නොවඩිති. ඒ තැන්වලට පැමිණෙන්නෝ පහත් ගණයේ භූතයෝය. ඔවුන් ගෙන් සත්‍යයක් අසා ගැනීම සැක සහිතය. උසස් ප්‍රතිඵල ලැබීමට නම් පස්පව් දසඅකුසල් ආදියෙන් වැළැකී සීලභාවනාදි ගුණයන්හි පිහිටා කරුණා මෛත්‍රී පෙරදැරිව, බාහිර ආභ්‍යන්තරික පාරිශුද්ධියෙන් යුතුව ස්ථානය ද දෙවියන් වැඩම කිරීමට සුදුසු පවිත්‍ර තැනක් කර නිසි පරිදි දේවාංජනමක් සකසාගත යුතුය.

හනුමන්තා අංජනම් දේවිය සහ වෙනත් දෙවිවරුන් ගෙන්වන ක්‍රම


බොහෝ දෙනා හනුමන්තාත් අංජනම් දේවියන් පමණක් ගෙන්වා අංජනම්වලින් වැඩ ගනිති. විෂ්ණු දෙවියන්ද ගෙන්වීමෙන් හනුමා ගෙන් වැඩ ගැනීම පහසු වේ. සතුරු උපද්‍රව පිළිබඳ එළිය බැලීමේදී කාලිය ද ගෙන්වාගැනීම ප්‍රයෝජන යි. තනිකර සූනියම් දේවතාවා ගෙන්ද අංජනම් කිය හැකියි. ඒ නිසා දෙවිවරුන් ගෙන්වා ගැනීම අවස්ථානුකූලව කළ යුතුයි. ඊශ්වර,පත්තිනි, සමන්, දේවතා බණ්ඩාර, වාහල, අයියනායක, කතරගම, ආදී දෙවිවරුද, සතරවරම් දෙවියන් ද, ක්‍රිස්තියානි, මුස්ලිම්, සමාගම් වල දෙවිවරුන්ද, අංජනම් වලට පැමිණ උදවු උපකාර කර දෙති. සෑම රටකම පාහේ මනුෂ්‍ය භූමියට ආසන්නයේ භූමාටු දේව හෝ අසුර සමාගම් වෙයි. ඒ සමාගම් වල සිටින දෙවි වරු හෝ අසුර පිරිස් අංජනම් වලට වෙසෙසින්ම පමුණවා ගැනීමට හැකිය. අවැසිනම් මේ ලෝකයේ හෝ සක්වළින් එපිට සිටින බෞද්ධයන්ට බොහෝ උදවු උපකාර කරන අමිතාභය බුදු රජාණන්වහන්සේ ඇතුලු පිරිස් සමඟ සම්භන්ද වීමටද අංජනම් භාවිතා කළ හැක. ඉන්දියාව තුල ගෞතම බුද්ධ සාසනයේ මාර්ග ඵල ලාභීන කිසිවකුත් නොමැති කාලයක් විය. ඒ කාලයේදී සාග ලෝකයේ වැඩ සිටින අමිතාභය බුදු රජාණන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිද්ධි යෝග විද්‍යාව නමින් යෝග විද්‍යාවක් බිහි විය කුණ්ඩළණී ශක්තියෙන්ද ධ්‍යාන බලයෙන්ද සත්‍යාබෝධයෙන්ද පිරි ඒ යෝගීන් නැවත ඉන්දියාව තුල මාර්ගඵල සාසනය නිර්මාණය කලහ. පසු කලක වජ්‍රයානයට නිර්මාණය වන්නේද ඒ සිද්ධි යෝග විද්‍යාවේ ශිෂ්‍යයන් ගෙන්ය. Doctor Stephen Strange චිත්‍රපට මාලාව නිර්මාණ වන්නේත් අදටත් සිටින සිද්ධි යෝගීන්ගේ විශ්මිත හැකියාවන් පාදක කරගෙනය.. අංජනම් වලට සෘජුවම අදාල නොවුනද මෙහි ලා දෑක්වූයේ ප්‍රබල අංජනමක් සිද්ධි කරගත් කෙනෙකුට ඒහි එන බොහෝ දේවල් දෙවිවරුන්ගේ උදවුවෙන් සිදු කිරීම එතරම් අපහසු නොවන බැවිනි..

කිලිකුණු වැළැක්වීම

අංජනම් හෙප්පුවක (පියන වැසිය හැකි භාජනයක) ලා සුරැකිව තබාගත යුතුයි. එසේ කියා තිබෙන්නේ කිලිකුණු අපවිත්‍ර දේට අසු නොවීමටය. හෙප්පුව සුළං ඇතුළු නොවනාකාරයෙන් සාදවා එය තවත් හෙප්පුවක් තුළ ලා මේස ලාච්චුවක හෝ අල්මාරියක හෝ ලා තැබීමෙන් අඳුනේ බලය සුරක්‍ෂිත වේ. ගෙයින් පිටත මල් යහනක හෝ ගස් බෙනයක හෝ අඳුන් හෙප්පුව තැබීම පුරාණ සිරිත ය. එළිය බලන්නට පෙර එය බලන අය මෙන්ම මතුරන අය ද නා පිරුවට ඇඳ පිරිසුදු වෙන්නට ඕනෑ ය. බලන ස්ථානය ද කහදිය ඉස පිරිසුදු කරන්නට ඕනෑ ය. අසන තැනැත්තා පිරිසුදු වීම් ඕනෑ ය. කිසිවකු ඒ බලන දවසේ කිලි මස් මාළු කෑම නොහොබී. ස්ථානයෙහි කිලි මස් පිසීම ද නරකය. නොදැන හෝ හදිසියේ හෝ කිලි අසු වුණොත් කිලි පහකරන මන්ත්‍රයකින් නැති කරන්නට පුළුවන.

Featured Post

ඕම් මනි පද්මේ හූම් (මන්ත්‍රය)

   "ඕම් මනි පද්මේ හූම්" (Om Mani Padme Hum)  යනු තිබ්බත බුදුදහමේ එන වඩාත්ම ප්‍රචලිත සහ බලගතු මන්ත්‍රයයි. මෙය මහා කරුණාවට අධිපති  අ...

Popular Posts